ඉරාන පකිස්ථාන දේශසීමේ වෙඩි තැබීමක් / ඉරානය පරීක්ෂණ අරඹයි

ඉරාන – පාකිස්තානයේ දේශ සීමාවේදී සිදුවූ වෙඩි තැබීමකින් ඉරාන ජාතිකයන් දෙදෙනෙකු මිය යාම පිළිබද විමර්ශන අරඹා ඇති බව ඉරාන රජය පවසනවා.
මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු පකිස්ථානය විසින් ඉරානයට භාරදී ඇති බවයි ඉරාන මාධ්‍ය පවසන්නේ.
මෙම ඝාතනය සමග ඉරානයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ආරම්භ වූ අතර ආගමික නායකයන්ගේ සහායෙන් ඒවා අත්හිටුවා තිබෙනවා.
ඒ ඉරානය විසින් මේ සම්බන්ධ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එකඟවීම සමගයි.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සයීඩ් ඛතිබ්සාදී පැවසුවේ ,මෙම ඝාතනවලට හේතුව පකිස්ථානය විසින් පැහැදිලි කළ යුතු බවයි.
මෙම ඝාතනයක් සමග ගිනිකොනදිග ඉරානයේ ආණ්ඩුකාර කාර්යාලයකට විරෝධතාකරුවන් කඩා වැදී මෝටර් රථ ගිනිතබා කළහකාරී ලෙස හැසිරී තිබුණා.

පුවත යවන්න