මත්පැන් සහ දුම්වැටි පානය කරන්නන් ද කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.
විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ මත්පැන් හා දුම්වැටි පානය කරන්නන්ගේ ප්රතිශක්තීකරණය අවම වීම හේතුවෙන් කොරෝනා වෛසරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි.
මේ හේතුවෙන් ඔවුන් එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවත් එන්නත ලබා ගැනීමෙන් පසු පැය 48ක් පමණ ගත වන තෙක් මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිම වඩාත් සුදුසු බව විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.
එන්නත ගත්තොත් මත්පැන් බොනවා නම් වැඩක් නැහැ යැයි පවතින මතය මිත්‍යාවක් බවයි විශේෂඥ වෛද්‍යවරියගේ මතය වන්නේ.