පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශවයන්ට උපදෙස් දී තිබෙනවා.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරනු ලැබූ අතර මහජන නියෝජිතයන් නොමැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වන බව මෙමගින් පෙන්වා දෙනවා.
මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.