කොරෝනා උවදුරට එකම විසදුම එන්නත්කරණය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, කොරෝනා වසංගතය සාර්ථකව ජය ගැනීමට නම් ,
සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කර ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළ බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.