CID ප්‍රධානියා ගැන ,මන්ත්‍රී නලීන් බණ්ඩාර කළ ප්‍රකාශය පිළිබද විමර්ශනයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.
අදාළ සිදුවීම විමර්ශනයට සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ කණ්ඩායමක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සහරාන් හෂීම් මැලේසියාවේදී සුරේෂ් සලෙයි මහතා හමුවී ඇති බව සහරාන් හෂීම්ට මැලේසියාවට ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට යාමට සුරේෂ් සලෙයි විසින් පහසුකම් සැපයූ බවට සහ ඉන්දියාවේ පුහුණුවකට ගොස් අර්ධ වශයෙන් එම පුහුණුව නිම කර ශ්‍රී ලංකාවට පැමිණි බවට මන්ත්‍රී නලින් බණ්ඩාර අදාළ මාධ්‍ය හමුවේදී චෝදනා කර තිබුණා.

මෙම සියලු කරුණු සහ සහරාන් පිළිබඳ සුරේෂ් සලෙයි සතුව දැනුමක් තිබුණ ද කිසිදු අවස්ථාවක ඔහු පාස්කු කොමිසමට නොකැඳවූ බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශකර තිබුණේ.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මගින් තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට බලපෑමක් වී ඇතැයි ද එම පැමිණිල්ලෙන් සලෙයි මහතා පෙන්වා දී ඇතැයි සදහන්.

පුවත යවන්න