IMF දුන් පළමු වාරිකයෙන් ඩොලර් මිලියන 121ක් ඉන්දියාවට ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් ඩොලර් මිලියන 121 ක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර් මිලියන 121ක ණය වාරිකයක් ගෙවීමට තිබූ අතර එය මෙසේ ගෙවා දැමූ බවයි හෙළිකර තිබුණේ.
ණය දීමනාව යටතේ ඩොලර් මිලියන 330ක මුදලක් මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබූ අතර ඉන් කොටසක් මෙලෙස ඉන්දීය ණය සඳහා යොදවා තිබෙනවා.
මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල රටේ මූල්‍ය ස්ථායීකරණය සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

තවත් වාරික 7ක් යටතේ අයි එම් එෆ් ඉතිරි මුදල් ලංකාවට ලැබීමට නියමිත අතර මේ සඳහා ගත වන කාලය වසර 3ක්.

පුවත යවන්න