ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය අද විරෝධතාවක නිරත විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව පැවති අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එක්ව සිටියා.
ඔවුන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් පැමිණි බව අප වාර්තාකරු සදහන් කළා.