එළඹෙන අගෝස්තු මාසය වනවිට ආණ්ඩුව කණ්ඩායම් තුනකට කැඩී වෙන්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.
ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 50ක් පමණ විපක්ෂයේ අසුන් ගන්නා බවද ඉන් පසුව පාර්ලිමේන්තු බහුතරයේ එකගත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති බවත් ඔහු සදහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.