“අපි ගහන කදුළු ගෑස් ඉතා හොඳයි” / පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

පසුගිය පෙබරවාරි 26 වනදා ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණයට එල්ලකළ කදුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා නොවන බව පොලිසිය වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නා.

පොලිසිය පැවසුවේ එදින වායු බෝම්බ 26ක් සහ කදුළු උණ්ඩ 85ක් නිකුත්කළ බවයි.

ජාතික  ජනබලවේගයේ උද්ඝෝෂණකරුවන් විසිරුවා හැරීම සදහා එල්ලකළ වායු බෝම්බ 2009 ජුලි මස නිෂ්පාදනය කළ ඒවා බවත්,  කදුලු උණ්ඩ 2020 අගෝස්තු මස නිෂ්පාදනය කළ බවත් පොලිසිය නිකුත්කළ වාර්තාවේ සදහන්.

ඒවා කල්ඉකුත්වීමට නියමිතව ඇත්තේ 2024 බවයි පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඒ මෙම කදුලු ගෑස් සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා කළ නියෝගයකට අනුවයි.

මේ අතර මෙම සිද්ධිය වූදා හදිසි අසනීපයක් හේතුවෙන් ජාතික රෝහලේදී මියගිය ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි කැදවූවා.

ඔහු සමග එම උද්ඝෝෂණයට පැමිණි නිමල් විජේතිලක යන අය මෙහිදී සාක්ෂි ලබාදුන්නා. එම පරික්ෂණ කටයුතු මැයි මස 22 වනදා තෙක් කල්තැබුණා.

පුවත යවන්න