කොරෝනා මර්දනය සඳහා වන එන්නතකරණ වැඩසටහන නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් ලෝකයෙන් ඉල්ලීමක් කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් වාර්තාවීමත් සමග ලොව රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවීමට තීරණය කිරිමත් සමගයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසන්නේ, මේ වනවිට ත් අදාළ වාර්තාවල අන්තර්ගතයන් විමර්ශනය කරමින් සිටින බවයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ රුධිර කැටි ගැසීම අතර සම්බන්ධයක් ඇති බවට මේ වන තෙක් තහවුරු වී නොමැති බවද එම සංවිධානය අවධාරණය කළා.
මෙම සිදුවීම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ වර්තමාන නිර්දේශයන්හි කිසියම් වෙනස්කමක් සිදු වන්නේ, නම් ඒ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කරන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.
මේ වන තෙක් එන්නත භාවිතයට නුසුදුසු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් වෛරසයෙන් ජීවිත බේරා ගැනීමට සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීම වැදගත් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ විශේෂඥයින් අද දිනයේ රැස්වීමට නියමිතයිඳා
මේ අතර එක්සත් ජනපද ඖෂධ නියාමන ආයතනය පවසන්නේ, එන්නත මගින් රැධිර කැටි ඇති වන බවට සාක්ෂි නොමැති බවයි.