ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙරට ධීවර ප්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප්රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධවීමේ ඇති ප්‍රවණතාවක් මතුව ඇති බවත්, මේ හේතුවෙන් මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් වෛද්‍ය සමරවීර මහතා සදහන් කරයි.
කොවිඞ් වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානම ද මත-ුව ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප්‍රභේදයක් බව ද වෛද්‍යවරයා පවසයි.
ඒ අනුව, ඉන්දියාවේ පැතිර යන මේ නව වයිරස් ප්‍රභේදය මෙරට ධීවර ප්‍රජාව මගින් අපේ රට තුළට පැමිණීමට ඇති අවධානම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සදහන් කියයි.
නිමන්ති රණසිංහ