එජාප මන්ත්‍රී ධුරයට රනිල් නම් කරමින් මැතිවරණ කොමිසමට ලිපියක්

එක්සත් ජාතික පක්ෂයට (UNP) හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට අද(16) භාර දුන් බව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ධූරයක් හිමිවූ අතර ඒ සඳහා මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයකු නම් නොකිරීමටයි පියවර ගෙන තිබුණේ.

පුවත යවන්න