ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත්

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (13) දිනයේත් ක්‍රියාත්මක බව වෘත්තිය සමිති පවසනවා.

ඊයේ උදෑසන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ විරෝධතාවට සහභාගී වූ තම සාමාජිකයින් පිරිසක් අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙන යාමට විරෝධය පළ කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙතෙක් තම ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

මෙම විරෝධතාවයට සීමිත පිරිසක් සම්බන්ධ වන අතර ඔන්ලයින් අධ්‍යාපන කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ පැවසුවේ.

පුවත යවන්න