කොරෝනා වැළදෙන පුද්ගලයන් මද සරු භාවයට / අධ්‍යයනයක් හෙළිකරයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පුරුෂ බීජවල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නව අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයන් 100 දෙනකු දින 60 කාලයක් පරීක්ෂාවට ලක් කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.

අනුව අනාවරණවී ඇත්තේ කොරෝනා වෛරසය මගින් පුද්ගලයකුගේ සරු භාවයට බලපෑම් එල්ල කරන බවයි.
එහෙත් එය කොපමණ කාලයක් බලපැවැත්වෙන්නේද යන්න හෙළිකර නොගත් බවද මෙම අධ්‍යයනය මගින් සදහන් කර තිබෙනවා.

මෙලෙස කොරෝනා වෛරසය ප්‍රජනන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂාවට ලක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

ලෝකය පුරා වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක්ද පුරුෂයින් වන අතර වැඩිම මරණ සංඛ්‍යාවක ගොදුර බවට ද පිරිමි පුද්ගලයන් පත්ව තිබෙනවා.

පුවත යවන්න