ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සංකීර්ණයේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.
ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්ධන ප්‍රසම්පාදනය, යෝජනා ඇගයීම, ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරා ගැනීම, ගෙවීම් ප්‍රමාද කිරීම සහ බෙදා හැරීමේ අක්‍රමිකතා මෙන්ම විවිධ පුද්ගලයන් විසින් කරන ලද චෝදනා විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලු බවයි.