ඉදිරි සති දෙක තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ලේඛම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට පැමිණි සියයට 80කට පමණ කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති බවයි.
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් තුළ රදවා ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.