චීනයේ රාජ්‍ය ආයතනයක් තුල බෝම්බ පිපිරීමක් / 4 දෙනකු මරුට

දකුණු දිග චීනයේ ගුවාන්ෂු නගරයේ රජයේ කාර්යාලයක් තුල පිපිරීමක් සිදුව තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය සදහන් කළේ පිපිරීමෙන් සිව් දෙනකු මරණයට පත්ව ඇති බවයි.
එහිදී තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කළා.
59 හැවිරිදි චීන ජාතිකයකු විසින් මෙම පිපිරීම සිදුකර ඇති අතර ඔහු ද සිද්ධියෙන් මියගොස් තිබෙනවා.
ගුවාන්ෂූ හී ගොවියන් සතු ඉඩම් පුද්ගලික ආයතනයක ආයෝජනයක් සඳහා ලබාදීමට එරෙහිව එම පුද්ගලයා මෙම බෝම්බය නිපදවා අදාළ කාර්යාලය තුලදී පුපුරුවා හැර ඇති බවයි දැනට විශ්වාසය පලවන්නේ.
චීනයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් අවම මට්ටමක පවතින අතර , මෙවන් පිපිරීම් ඉතා දුර්ලභ වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි චීන පොලිසිය නිවේදනය කළේ.

පුවත යවන්න