ජනවාරි මාසයේ රටේ ආදායම ප්‍රමාණවත් නොවන මට්ටමින් පහත වැටී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව මෙරට වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොපවතින බැවින් වියදම් කපා හැරීමේ පියවරකට යොමුවන බවයි සදහන් කළේ.