ළමයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළාය.
මේ වන තෙක් ළමයින්ට කොවිඩ් මර්දන එන්නතක් ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ ලබා දී නොමැති බවත් ඔවුන්ගේ නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව එන්නත ලබා දෙන්නේද නැද්ද යන්න තීරණය කරන බවත් වෛද්‍ය චිත්‍රමාලී පැවසුවාය.
ලෝකයේ රටවල් කීපයක් වයස අවුරුදු 12 – 16 වයස් කණ්ඩවල විවිධ සංකූලතාවන් පවතින දරුවන්ට එන්නත ලබා දී ඇති නමුත් ඇතැම් අවස්ථාවන්වලදී අතුරු ආබාධයන් පැන නැගී ඇති බවට තොරතුරු හෙළිව ඇතැයිද ඇය අවධාරණය කළාය