පෙබරවාරි මාසයේ මුල් දින 10 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 30,000 ක් ඉක්මවා පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ තාවකාලික දත්ත වලට අනුව, පෙබරවාරි 01 සිට 10 දක්වා සංචාරකයින් 31,343 දෙනෙකු පැමිණ ඇති බවයි හෙළිකර ඇත්තේ.
ඒ අනුව පෙබරවාරි මාසය සඳහා සංචාරකයන් පැමිණීමේ දෛනික සාමාන්‍යය 3,134 දක්වා ඉහළ ගොස් තිබුණා.
මෙහිදී රුසියානු සංචාරකයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය හා ඉන්දීය සංචාරකයන් ද මෙහිදී වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබුණා.