ඉකුත් සතියේ කටාර් රාජ්‍යයේ ,දෝහා නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවන බව කටාර් පොලිසිය තහවුරු කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු තහවුරු කළේ.
මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ,විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට උපදෙස් දුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවසුවා.
ඒ අනුව කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී කීර්ති මුතුකුමාරණ මහතා එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් තොරතුරු තහවුරු කර ගත් බවද ඔහු සදහන් කළා.