පළමු සඳ ගමනට එක්වූ මයිකල් කොලින්ස් මිය යයි

පළමු සඳ ගමනට එක් වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 90 ක්.

ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්වුණා.

1930 වසරේ ඉතාලියේදී උපත ලද මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද මිලිටරි ඇකඩමියට ඇතුළත්ව ඉන් අනතුරුව ගුවන් හමුදාව හා සම්බන්ධ වූ අතර 1963 වසරේදී නාසා ආයතනය හා සම්බන්ධ වූ මයිකල් කොලින්ස් එහිදී අශ්‍යවකාශ මෙහෙයුම් කිහිපයකට සම්බන්ධ වී තිබුණා.

ඔහු දෙවරක් අභ්‍යවකාශයේ පියාසර කර ඇති අතර ඉන් පළමුවැන්න වන්නේ ජෙමිනි 10 මෙහෙයුමයි.

ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ පියාසැරිය වන ඇපලෝ 11 යානයේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටි නිසා ඔහුට සඳ මත පා තැබීමට නොහැකි වූ බැවින් බොහෝ දෙනා ඔහුව හැඳින්වූයේ ‘අමතක වූ ගගනගාමියා’ ලෙසයි.

පුවත යවන්න