පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට විදෙස් මැදිහත්වීමක් ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ප්රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.
මේ අතර ප්රහාරය සම්බන්ධයෙන් තමන් කලින් දැනුවත්ව නොසිටි බව කොමිෂන් සභා වාර්තාවෙන්ද ඔප්පු වී ඇතැයි රනිල් වික්රමසිංහ, හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.
පාස්කු ඉරුදින ප්රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ පෙරේදා (23) හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්රමසිංහ අරලියගහ මන්දිරයේදී හමු වී තිබුණේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ රාත්රී භෝජන සංග්රහයේදීයි.
එහිදී හිටපු අගමැති රනිල් ප්රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්ය ඇමැතිවරයා ,වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කර නොතිබුණු බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇති බවයි.