ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් රහස් සාකච්ඡාවක් අද (27) පස්වරුවේ කොළඹදී පවත්වා තිබුණි.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු එක්ව සිට ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට යෝජනාවක් එහිදී සම්මත කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දිනකදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි පසුගියදා අනාවරණ කර තිබුණි.
ඒ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇති බවටද වාර්තා පළවිය.
ඔහු වෙනුවෙන් වඩාත්ම පෙනී සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රිවරුන්ය.
මෙවන් වාතාවරණයක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දෙහිවල, ඇන්ඩසන් පාරේ පිහිටි නිවසේ අද පස්වරුවේ රහස් සාකච්ඡාව පවත්වා තිබේ.