දිවයිනේ සියලු ගුවන් තොටුපළවල් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිඛෙනවා.
ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසුවේ මගී ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාවක් 75ක් වන බවයි.
රටතුළ සංචරණ සීමා පැනවීමත් සමග පවත්නා කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දින 14ක කාලයක් සදහා මෙරටට පැමිණෙන මගී ගුවන් යානා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබුණා.