රජරට පැතිර යන සමේ රෝග අවදානම

රජරට තවත් සමේ රෝග අවදානමක් ලෙස මේ දිනවල උතුරුමැද පළාතේ ප්රදේශ ගනණාවක “ටිනියා,, නම් දිලිර අසාදනය පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්ය සේවා මධ්යස්ථානයේ වෛද්ය හේමා වීරකෝන්, මහත්මිය සඳහන් කරයි.
ඇය සදහන් කරන අන්දමට මෙම රෝගය ස්ත්රී පුරුෂ, හෝ වයස් භේදයක් නොමැතිව ශීඝ්ර ලෙස පැතිරයමින් පවතී. දිලිර රෝගය සඳහා ප්රතිකාර ලබාගැනීමේදී නියමිත ඖෂධය, නියමිත මාත්රාව, හා නියමිත කාලය තුළ ලබාගැනීම අත්යාවශ්ය සාධක වේ.
යම් හෙයකින් නියමිත මාත්රාවට නියමිත කාලය තුළ ඖෂධ ලබා නොගතහොත් දිලිර රෝගය සුව නොවිමට පුළුවන. එම නිසි කළ නිසි ලෙස ප්රතිකාර නොකළ හොත් විශාල මුදලක් වියදම් කර මිළ අධික ඖෂධ ලබා ගැනිමට සිදුවේ.
මෙම “ටිනියා“ දිලිර ආසාදනය ස්පර්ෂය මගින් හෝ ආසාදිත රෝගියෙකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැක. මෙම ආසාදන සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථාන වල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඉකිලි,කිහිලි හා පියයුරු වලට යටින් මුහුණ ආශ්රිතව බහුලව දක්නට ලැබේ.
No photo description available.
එයට අමතරව ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකිය. දිලිර නාශක ඖෂධ පමණක් නියමිත කාලය තුල භාවිත කිරීමෙන් මෙම රෝගය සමාජය තුල පැතිර වීම අවම කිරීමට දායක විය හැකියි.
”ටිනියා” දිලිර අසාදනය මේ වන විට රජරට පුරා පැතිරයමින් පවතී. එයට ප්රධානම හේතුව වී ඇත්තේ ප්රජාව විසින් වෛද්ය අවවාද වලින් තොරව ඖෂධ භාවිතා කිරීමයි.
බොහෝ විට රෝගින් තම හිතු මතේට විවිධ ඖෂධ, බොන බෙහෙත් හෝ ආලේපන ඖෂධ හල් වලින් මුදලට ලබා ගෙන භාවිතා කිරීමට පෙලඹී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව වෛද්ය හේමා වීරකෝන් මහත්මිය කියා සිටී. එමගින් දිලිර ආසාදන සුව නොවී විශාල ලෙස පැතිරයමින් පවතී. දිලිර රෝග සදහා නියමිත දිලිර නාශක ඖෂධය සති 6කට ආසන්න කාලයක් භාවිතා කළ යුතුය.
අනුරාධපුර ශික්ෂණ රෝහල තුල මාසයකට ආසන්න කායක දී මෙම රෝගයට ප්රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 100 දෙනෙකු පිලිබදව කරන ලද අධ්යයනයක දී තහවුරු වී ඇත්තේ, ඉන් 62%කට පමණ සුදුසු නොවන දිලීර නාශක ප්රතිකාර වශයෙන් ලබාගෙන සිටි අය බවයි.
තවද එම රෝගීන්ගෙන් 89% පමණ නැවත ප්රතිකාර සදහා යොමුවී තිබේ. එකම පවුලේ කිහිපදෙනෙකුට ම දිලීරය ආසාධනය වි තිබූ අවස්ථාද බහුල බව වෛද්ය හේමා වීරකෝන් මහත්මිය සදහන් කළා ය.
මේ නිසා ශීඝ්රයෙන් පැතිර යන මෙම දීලිර තත්ත්වය පාලනය කරගැනීමට නම් රෝහලට පැමිණ නිසි සෞඛ්ය ප්රතිකාර ලබා ගන්නා ලෙස වෛද්ය හේමා වීරකෝන් මහත්මිය සදහන් කරයි.
May be an image of one or more people and tattoo
දිස්ත්රික් මාධ්ය ඒකකය
අනුරාධපුරය
පුවත යවන්න