රාජ්‍ය වෙසක් උත්සවයත් තාවකාලිකව අත්හිටුවයි

රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර රාජන‍ වෙසක් උත්සවය අත්හිටුවීමට රජයේ අවධානය යොමුව තිඛෙනවා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ලබන 23වනදා සිට 28 වනදා දක්වා යාපනය නාගදීම රජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත් නිවරදි මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසක් සහභාගි කර ගනිමින් කොළඹදී සංකේතාත්මකව රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට යෝජනා වී ඇත.

මේ පිළිබද ඉදිරියේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි බුද්ධ ශාසන අමාත්‍යංශය සදහන් කළේ.

පුවත යවන්න