විනෝද චාරිකා ඉහළට / යළිත් රට වැසීමේ අවදානමක්

විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා  පවසනවා.

“මේ සතිඅන්තයේ විශාල ප්‍රමාණයක් විනෝද චාරිකා ගමන්කරන ආකාරය පෙනෙන්ට තිබෙනවා. ඒ වගේම සතිඅන්තය ගතකිරීම සඳහා නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේවෙතත් මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල විනෝද චාරිකා ගමන්කරන පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා. විශාල වශයෙන් වාර්තා වෙනවා වැව් ආශ්‍රිතව ඒ වාගේ ස්ථානවල විනෝද වෙමින්, දියනාමින් කටයුතු කරනවා. සතිඅන්ත නිවාඩුව ගත කරන්න ඔබ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා නම් ඒ සෑම ස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලනවා. ඔබගේ වගකීම් යුතු හැසිරීම මේ සතිඅන්තයේ, ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ?  කියන එක තීරණය වෙනවා ඒ නිසා වගකීමෙන් කටයුකු කරන්න කියලා ඉල්ලනවා.”

පුවත යවන්න