ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන පසුබිමක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සුදුසු නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වාදෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ ව්‍යාප්ත වන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වනු ඇති බවය.
එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කළ බොහෝ රටවල් ද ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදයේ ව්‍යාප්තිය හේතුවෙන් යළි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව උපුල් රෝහණ මහතා පවසයි.