සතොස සහ ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

දිවයින පුරා පිහිටි සියලු සතොස ශාඛා අද සිට යළි විවෘතව තැබීමට රජය පියවර ගෙන තිඛෙනවා.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර සතොස ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

මේ අතර අද සහ හෙට (04) යන දෙදින තුළ දිවයිනේ පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන් සඳහා විවෘතව පවතින බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත යවන්න