සහල්, කිරිපිටි, තිරිගුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ජීවන වියදම් කමිටුව අද රැස්වන අතර මිල වැඩි කළහොත් පාරිභෝගිකයන් අපහසුතාවයකට පත් නොවන මට්ටමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.
“පසුගිය දිනවලදී කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සමාගම් සමග අපි සාකච්ඡා කළා. ඒ අය මිල වැඩිකිරීම් සඳහා ඉල්ලීම් කළා. ඒ අය ලබාදෙන මිල වැඩිකිරීම් කරන්න මොනම ආකාරයකින්වත් කටයුතු කරන්නේ නෑ. ගණනයකිරීම් කරලා පාරිභෝගිකයාත් ආරක්ෂාවෙන ආකාරයේ මිල වැඩිකිරීම් තමයි කරනවා නම් කරන්නේ. ඒ අනුව අපි යම් මිල වැඩි කිරීමක් දුන්නොත් ආයේ මාස 3කට මෙහා යළි මිල වැඩිකිරීමක් ඉල්ලන්න එපා කියලා තියෙන්නේ. අද සාකච්ඡාවෙදී මේ ගැන අවධානය යොමු කරලා යම් එකඟතාවයන්ට එන්න පුළුවන්.”