සිරින්ජර භාවිතයෙන් තොරව ලබාදෙන කොරෝනා එන්නත් මෙම වසර අග භාගයේ හෝ ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව ,ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ , සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පවසනවා.
ඇය සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ ශරීරය සිදුරු කිරීමෙන් තොරව ( සිරින්ජර කටු අවශ්‍ය නොවන ) හා කාමර උෂ්ණත්වයේ ගබඩා කළ හැකි ( ශීතකරණ අවශ්‍ය නොවන ) කොරෝනා එන්නත් මේ වන විට නිෂ්පාදනය වන බවයි.
බොහෝ විට ලබන වසරේදී ඒවා ලෝකයට හඳුන්වා දිය හැකි බවයි සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පැවසුවේ.
මේ අතර එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමෙන් තොරව , එක් මාත්‍රාවකින් පමණක් අවශ්‍ය ප්‍රතිශක්තිය ලබාදිය හැකි මට්ටමින් එන්නත් වර්ධනය කරන බවද ඇය අනාවරණ කළා.
කෙසේ වෙතත් මෙම කොරෝනා එන්නත් මගින් වෛරසය ආසාදනය නොවන බවට සහතිකයක් ලබා නොදෙන අතර , එයින් වෛරසය වැළදී මරණයට පත්වීමේ අවදානම පමණක් පහත හෙළන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
මේ වන විට රටවල් 122ක කොරෝනා එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.
සිරින්ජර කටු හා ශීතකරණ අවශ්‍ය නොවන එන්නත් මගින් එය ලෝකය පුරා රටවලට ගැටලුවකින් තොරව භාවිත කිරීමේ හැකියාව ලබාදීමට නියමිතයි.