බ්‍රිතාන්‍යය කොරෝනා සටනේ විරුවා කොරෝනාවට බිළිවෙයි

එංගලන්තයේ ගෞරවණීය පුද්ගලයකු වන කපිතාන් සර් ටොම් මෝර් කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා.
අවුරුදු 100 ක් වයසැති ටොම් මෝර් වඩාත් ආදරය දිනාගනු ලැබුවේ කොරෝනා වසංගතය සමග බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය පද්ධතියට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ඔහු සිදුකළ කැපකිරීම මතයි.
ඒ අනුව දිනපතා සිය ගෙවත්තේ පියවර 100 ක් ඇවිද යමින් ජාතික සෞඛ්‍ය සේවයට මුදල් එක්රැස් කිරීමේ වැඩසටහනක් ඔහු ඇරඹූ අතර එය අවසන් කෙරුණේ පවුම් මිලියන 33ක ආධාර මුදලක් එරට සෞඛ්‍ය පද්ධතියට ලබාදෙමිනුයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වූ සර් ටොම් මෝර් උග්‍ර නිව්මෝනියා තත්ත්වයකට ලක්ව තිබණා.
ඒ අනුවයි ඔහු මරණයට පත්ව තිබුණේ.
මෙම අභාවය සම්බන්ධයෙන් සමස්ථ එංගලන්තයම ශෝකයට පත්වන බව ද බී බී සී ය වාර්තා කළා.

පුවත යවන්න