ඩුබායි පාලකයාගේ දියණිය වන ලතීෆා කුමරිය සුරක්ෂිතව නිවසේ රැදී සිටින බවයි ඩුබායි හී රාජකීය පවුල පවසනවා.
ලතීෆා කුමරිය විසින් තමන් බලහත්කාරයෙන් සිර කරගෙන සිටින බවට නිකුත් කළ රහසිගත වීඩියෝව පිළිබද බී බී සී ය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රාජකීය පවුල මේ බව ප්‍රකාශ කර තිබුණා.
තමන් බරපතල අවදානමක සිටින බවත් ජීවිතය පිළිබද අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවත් ඇය වීඩියෝවෙන් ප්‍රකාශ කර තිබුණා.
2018 වසරේදී රටින් පලායාමට තැත් කිරීමෙන් පසුව ඇය මෙසේ නිවාඩ අඩස්සියේ රදවාගෙන සිටින බවටයි චෝදනා කර තිබුණේ.
මේ අතර අදාළ වීඩියෝව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු පාර්ශව ගණනාවක් අවධානය යොමුකර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පැවසුවේ ලතීෆා කුමරිය ජීවතුන් අතර සිටින බවට ඩුබායි රාජකීය පවුල සාධක ඉදිරිපත් කළ යුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වන ඩුබායි රාජකීය පවුල පවසන්නේ ඇය නිවසේ ආදරය හා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාව මත සුවසේ පසුවන බවයි.