අගාධයට යාමට පෙර භාරකාර ආණ්ඩුවක් පත් කරන්න / පාඨලී ඉල්ලයි

භාරකාර ආණ්ඩුවක් විසින් රට පාලනය කළ යුතු බව සමගි ජන බලවේගයේ සභික පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඩීසල් මිල තුන් ගුණයකින් වැඩි කිරීම හා විදුලි බිල වැඩි කිරීමට සැලසුම් කරමින් සිටින අතරතුර රජයට නිසි පරිදි වැඩ කිරීමට නොහැකි බව පැහැදිලි වී ඇති බව විපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රටේ වත්මන් අර්බුදය පිළිබඳව අදහස් දක්වමින්. 

ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය වැඩකට නැති තත්ත්වයකට පත්ව ඇති අතර, අපේ‍්‍රල් මස මැද වන විට රටේ විදුලිබල පද්ධතිය කඩාවැටීමට පවා ඉඩ ඇති බව ඔහු පැවසුවා.

ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතන  දක්ෂ පුද්ගලයින් පිරිසකට පැවරිය යුතු අතර භාරකාර රජයක් විසින් රට පාලනය කළ යුතු බවද රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළා.

පුවත යවන්න