වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් හමු වූ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එන්නත්කරණයේ ප්‍රගතිය අති සාර්ථක බවත් එයට ප්‍රධානම සාධකය වන්නේ රාජ්‍ය, ආණ්ඩුව මෙන්ම සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව ප්රමුඛ ආරක්ෂක අංශ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීම බවත් මුදල් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.
එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට තවදුරටත් යොදවන ලෙසටත් මුදල් ඇමතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.