අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද අලුයම රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්මලාන , බොරුපන පාරේ පිහිටි 4 වන ඉංජිනේරු සේවා බළකා යුද හමුදා කඳවුරට මීටර් 200 ක් පමණ වන්නට බොරුපන දෙසින් යොදාතිබූ පොලිස් මාර්ග බාධකයේදී යි.

තමන් අත්අඩංගුවට ගන්නේ ඇයි දැයි වසන්ත මුදලිගේ මහතා පොලිසියෙන් විමසා සිටි අතර , එවිට පොලීසිය සඳහන් කළේ, අයුතු ජනරාශි, අනර්ථයක් සිදුකිරීම සහ රාජ්‍ය දේපලවලට හානි කිරීම යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා බවයි.

පුවත යවන්න