අබුඩාබි ප්‍රහාරය ,මැද පෙරදිග අනාගතයට අවදානම් !

එමීර් රාජ්‍යයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සමග මැද පෙරදිග කලාපය නව අර්බුධයක් කරා ළගාවෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබෙනවා.
වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ පළමු මාරාන්තික ප්‍රහාරය සමග එරටට එරෙහිව අභ්‍යන්තර මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි හව්ති කැරලිකරුවන් සදහන් කළේ.
මෙම ඩ්‍රෝන් ප්‍රහාර මගින් දිගු දුර ප්‍රහාර දියත් කිරීමට හූතිවරුන්ට ඇති හැකියාව පෙන්නුම් කර තිබෙනවා.
යේමනයේ කැරලිකරුවන් යේමනයේ කැරලිකරුවන් විසින් අසල්වැසි සෞදි අරාබියට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා.
කෙසේ වෙතත් සවුදියට එල්ලවන ප්‍රහාර අබුඩාබි හා සසඳන විට සාපේක්ෂව කෙටි දුර ප්‍රමාණයක සිටයි දියත් කරනු ලබන්නේ.
මෙම ප්‍රහාරය සමග හව්තිවරුන්ට එරෙහි පළිගැනීමේ ප්‍රහාරයක් එමීර් රාජ්‍යය විසින් දියත් කළ අතර එහිදී යේමනයේ 20කට ආසන්න පිරිසක් මිය ගියා.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂීක් අබ්දුල්ලා බින් සයීඩ් එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ හූතිවරුන් විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නැවත නම් කරන ලෙසයි.
තමන් හා දේශ සීමාවක් බෙදා නොගන්නා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කළ බව හූතිවරු මීට පෙර ප්‍රකාශ කළද එම ප්‍රකාශ අසත්‍ය බවයි එමීර් රාජ්‍යය පවසා තිබුණේ.
ස්ථාවරත්වය හා සාමය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සාධකයක් වන අතර මිලියන ගණනක් විදේශිකයන් ආකර්ෂණය කර ගැනීමට සහ ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට එය බලපා තිබෙනවා.
හූතිවරුන් සමඟ ගැටුම උත්සන්න වුවහොත් එම ප්‍රතිරූපය බිඳ වැටෙන බවටයි මේ වන විටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රටේ ශ්‍රම බලකායෙන් අතිමහත් බහුතරයක් වන විදේශීය ශ්‍රමිකයින් මත දැඩි ලෙස රඳා පවතින අතර ,බලධාරීන් රටේ කීර්ති නාමය දැඩි ලෙස කළමනාකරණය කිරීමට ද උත්සාහ දරමින් පවතිනවා.
ඒ අනුව වර්ධය වෙමින් පවතින තත්ත්වය මැද පෙරදිග කලාපයේ ලෝකය පිලිගත් නිදහස් සාමකාමී එමිරේටය වෙත අහිතකර බලපෑම් එල්ල කරනු ඇති බවයි විචාරකයන් සදහන් කරන්නේ.
එය එමීර් රාජ්‍යය හා සම්බන්ධ ලොක පුරා විගමනිකයනට මෙන්ම ආයෝජකයන්ටද තීරණාත්මක බව ද අවධාරණය කර තිබෙනවා.
මේ සමග හව්ති විරෝධී අවසන් සටනක් සඳහා අරාබි රාජ්‍යයන් පොළඹවනු ඇතැයි ද එමගින් පෙන්වා දී තිබුණා. –     අමල් අල්මේදා amalnews2008@gmail.com 
පුවත යවන්න