චීනයේ කොරෝනා ආරම්භය ගැන සැඟවුණු තොරතුරක් හෙළිකරයි

2019 වසරේ දෙසැම්බර් මාසය වන විට චීනයේ කොරෝනා වසංගතය හෙළි කළ මට්ටමට වඩා බරපතල මට්ටමින් ව්‍යාප්තවී පැවති බව අනාවරණ කර තිඛෙනවා.
ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම සිදුකළ අනාවරණය අනුවයි.
ඒ අනුව ආසාදිතයන් සිය ගණනක් (174) පිළිබද එම සමයේ චීනය ප්‍රකාශ කර තිබුණද එම සමයේ ආසාදිතයන් සිය දහස් ගණනකගේ ලේ සාම්පල එක්රැස් කර ඇති බව මෙහිදී අනාවරණ වී තිඛෙනවා.
ඒ අනුව පළමු ආසාදිතයා පිළිබද චීනය දෙසැම්බර් 8 වනදා වාර්තා කළ ද එහි සත්‍ය තත්ත්වය හාත්පසින් වෙනස් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායමේ නියෝජිත පීටර් එන් එම්බාර්ක් පැවසුවේ.
ඒ අනුව අවම වශයෙන් ආසාදිතයන් දහස් සංඛ්‍යාවක් පිළිබද චීනය ඒ වන විට දැන සිටින්නට ඇති බවයි ඔහු විශ්වාසය පළ කළේ.
ඒ අතරින් සියයට 15ක් පමණ බරපතල මට්ටමේ රෝගාබාධවලට ගොදුරුව ඇති බවද නියෝජිතයා පවසනවා.
කෙසේ වෙතත් මුල්ම ආසාදිතයන් බව පැවසූ 174 දෙනා පිළිබද කිසිදු දත්තයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීම චීනය ප්‍රතික්ෂේප කර තිබුණා.
ඒ අනුව 2019 වසරේ අවසන් සමයේ චීනයේ කොරෝනා තත්ත්වය පිළිබද සත්‍ය දත්ත සගවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීනයට චෝදනා කරමින් පැවසුවේ.
මේ සඳහා චීනය ප්‍රමාණවත් සහයක් නොදුන් බවද ඔහු මාධ්‍ය හමුවකදී සදහන් කළා.

කෙසේ වෙතත් මෙම අධ්‍යයනයෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ වෛරසය විද්‍යාගාරයකින් කාන්දු වූ බව සහතික කිරීමට තරම් ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.

මේ අතර කොරෝනා වංසගතය සම්බන්ධයෙන් ව්‍යාජ මත පැතිරවීම පිළිබදව ද චීනය වගකීම බාරගත යුතු බවයි විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ.

පුවත යවන්න