ප්‍රාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිසමේ විමර්ෂණ වාර්තාව හෙට ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හෙට ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 11 ට එම වාර්තාව ජනාධිපතිවරයාට ලබා දෙන බවයි එම කොමිසමේ නිලධාරියකු අනාවරණ කළේ.
මෙම කොමිසම 2019 වසරේ සැප්තැම්බර් 21 වනදා පත් කළ අතර ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.
කොමිසම පත් කළ පසු අවස්ථා 214 කදී රැස්ව ඇති අතර සාක්ෂිකරුවන් 457 දෙනකුගේ සාක්ෂි අවස්ථා 640 කදී ලබා ගනිමින් මෙම අවසන් වාර්තාව සකස් කර තිබෙනවා.

පුවත යවන්න