මාස 3ක් මිල වෙනස් නොවන අත්‍යාවශ්‍ය භාණ්ඩ ලයිස්තුව මෙන්න

ඉදිරි මාස තුනක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 ක මිළ ස්ථාවර අගයක පවත්වාගෙන යාමේ ගිවිසුමකට අද අත්සන් තැබුණා.
තෝරා ගැනුණු දේශීය නිෂ්පාදකයන් හා ඍජු ආනයනකරුවන් සමඟ මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සැලසුමක් මතයි.
ඒ අනුව  රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා, තිරිඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු-ඕස්ට්‍රේලියන්, ලොකු ළූණු-ඉන්දියන්, අර්තාපල්-දේශීය, අර්තාපල්-පකිස්තාන්, කඩල, වියළි මිරිස්, ටින් මාළූ-දේශීය, ටින් මාළු- (ආනයනික), හාල්මැස්සන්- තායිලන්ත, කුකුළු මස් (සම සහිත), ලුණු කැට, කිරිපිටි, සෝයාතෙල්, රෙදි සෝදන සබන්, රෙදි සෝදන බාර් සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුව ආවරණ(SLS සහතික ලත්) යන භාණ්ඩ වර්ග 27 ක මිළ ස්ථාවර අගයක මාස 3ක් පුරා පවත්වාගෙන යනු ඇති.
එමෙන්ම ගිවිසුම්ගත වූ පරිදි ඉදිරි මාස තුන තුළදී සිය නිෂ්පාදනයන්ගේ ගුණත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

පුවත යවන්න