මෙරට ඉන්ධන අලෙවිය සදහා විදෙස් සමාගම් 3කට අනුමැතිය

මෙරට ඉන්ධන අලෙවිය සදහා විදෙස් සමාගම් 3කට අනුමැතිය ලබාදී තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සදහන් කළේ, චීනයේ සිනොපෙක් ,ඔස්ටේ්‍රලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් හා ආර් එම් පාර්ක් යන සමාගම්වලට මෙරට තුල ඉන්ධන පිරවුම්හල් 300ක් පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවයි.
දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් ද මේ යටතේ එම සමාගම් වෙත පැවරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා වසර 20ක කාලයක් ක්‍රියාත්මක වීමට ඔවුන්ට බලපත්‍ර ලබාදීමට නියමිතව තිබෙනවා.
තෝරාගත් සෑම සමාගමක් විසින්ම නව ස්ථානවල තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් බැගින් ස්ථාපිත කරන බවද අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියා.

පුවත යවන්න