රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කිරීමට මෛත්‍රීපාල තීරණය කළ ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ ට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එස් තුරෙයිරාජා,යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය කැඳවා තිබුණා.

පුවත යවන්න