උද්ඝෝෂණයේ නිරත වූ විරෝධතාකරුවන් ඉදිරියේ පොලිසියේ ක්‍රියාකලාපය පිළිබද අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේවෙතත් රටතුළ වසංගත තත්ත්වයක් පවතින මොහොතක විරෝධතාකරුවන් ද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ පොලිසියේ ක්‍රියාකලාපය පිළිබද තමන් දිගින් දිගටම විවේචනය කළ බවයි.
”උද්ඝෝෂණ කිරීමට ජනතාවට අයිතියක් තියෙනවා. හැබැයි සෞඛ්‍ය පුරුදු මේ වෙලාවේ ලෝකයේ ම ගෝලීය වශයෙන් වසංගතයක් තියෙන වෙලාවක්. ඒ වෙලාවේ උද්ඝෝෂණකරුවනුත් වගකීමකින් හැසිරිය යුතුයි. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙන්නේ. අද ක්‍රීඩාවක් කරන්න දරුවෙක් එළියට එද්දි පොලීසියෙන් නවත්වනවා. ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන උපදෙස් මත කියලා. ඒ වගේම තමයි පහුගිය කාලයේ අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහතා උද්ඝෝෂණයක් කළා එතුමාට කොවිඩ් හැදුනා. තව කිහිපදෙනෙකුට හැදුනා. මෙවැනි අභියෝග තියෙනවා. එවැනි කාල සීමාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම අනුමත කරන්නේ නෑ. කෙසේවෙතත් පොලීසිය ක්‍රියා කළ ආකාරය අනුමත කරන්නේත් නෑ.”