ලොව පුරා ගුවන් ගමන් 12000 ක් අවලංගුයි

පසුගිය සිකුරාදා සිට මේ දක්වා ලොව පුරා අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 12000 කට ආසන්න බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ගුවන් කාර්ය මණ්ඩල ආසාදිතයින් බවට පත්වීම හා ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් ගුවන් සේවකයින් නොමැතිවීමත් සමග ගුවන් ගමන් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සමගම ගුවන් සේවා භාවිතා කිරීමට පැමිණි මිලියන ගණනක් ගුවන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද සදහන්. එමෙන්ම ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාද වී ආරම්භ කිරීමට ද සිදුව තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී ද ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට සිදු වනු ඇති බවටයි ගුවන් සමාගම් අනතුරු අගවන්නේ.

 

පුවත යවන්න