අද (08) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,862ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ ආසාදිතයින් 740ක් සුවය ලබා පිටව යෑමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 64,141ක් බවට පත්වුණා.