මියන්මාරයේ විරෝධතාවලට හමුදාවෙන් තර්ජන / පොලිසියෙන් ජල ප්‍රහාර

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයකට එරෙහිව එරට ජනතාව සිදුකරන විරෝධතාවලට හා දැවැන්ත වැඩ වර්ජනයට එරෙහිව හමුදා පාලනය අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව යැන්ගුන් හා විරෝධතා සිදුකරන දහස් සංඛ්‍යාත පිරිසක් ඉලක්ක කර ගනිමින් එරට පොලිසිය අධි පීඩන ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.
කෙසේ වෙතත් අනතුරු ඇඟවීම් හා බාධා මැද වුවද මියන්මාරය පුරා හමුදා විරෝධී විරෝධතා ක්‍රියාත්මකයි.
අවුන් සාන් සූ කී නිදහස් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙසත් ඔවුන් බලපෑම් කරමින් පවතිනවා.
මේ අතර මහජන ආරක්ෂාවට හෝ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ලවුවහොත් දැඩි පියවර ගන්නා බවයි මියන්මාර රාජ්‍ය රූපවාහිනිය හරහා විරෝධතාකරුවන්ට අනතුරු අඟවා ඇත්තේ.
මේ වන විට මියන්මාරයේ ක්‍රියාත්මක විරෝධතා දශකයකට පසු මියන්මාරයේ හටගත් විශාලතම විරෝධතාවය ලෙස නම් කර තිබෙනවා.

පුවත යවන්න