ඉතාලියේ ඇතැම් ගම්මානවල නිවාස ඩොලරයක අගයකට අලෙවි කිරීමේ මෙහෙයුමක් මෑත කාලීනව ආරම්භ කර තිබෙනවා.
ඒ එම ගම්මාන හැර යමින් ජනතාව නාගරික ප්‍රදේශ වෙත සංක්‍රමණයවීමට පියවර ගැනීම සමගයි.
මේ යටතේ ඉතාලියේ බිකාරි නගරය තුලද ඩොලර් 1 ක අවම මුදලකට නිවාස අලෙවි කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි CNN පුවත් සේවය පවසන්නේ.
එම නගරයේ නගරාධිපති ජියැන්ෆිලිපෝ මිග්නොග්නාගේ සැලසුමක් අනුව අලෙවිකරන මෙම නිවාස ඉතාලි ජාතිකයන්ට මෙන්ම විදේශිකයන්ටද මිලදී ගත හැකියි.
මේ වන විට බිකාරි හී ජනගහණය 2,000ක් දක්වා පහත වැටී ඇති අතර එය තවදුරටත් පහල යා හැකි බවයි නගරාධිපතිවරයා පවසන්නේ.
බොහෝ දෙනෙකු සුපිරි පහසුකම් සොයා ප්‍රධාන නගර වෙත සංක්‍රමණයවීම මෙම තත්ත්වයට බලපා තිබුණා.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා පවසන්නේ බිකාරි හී සියළු මූලික අවශ්‍යතා හා පහසුකම් අඩුවක් රහිතව පවතින බවයි.
ඒ අනුව ගම්මානය යලි ගොඩනැගීම සඳහා එහි ස්ථිරව පදිංචිවීමට කැමති පුද්ගලයන්ට මෙම නිවාස ඉල්ලුම් කළ හැකියි.
මෙම නගරයේ තනි මහල් නිවසක මිල ඩොලරයකින් ඇරඹෙන අතර මහල් නිවාසවල උපරිම මිල ඩොලර් 20ක් ලෙස සටහන් කර තිබෙනවා.
මෙම නිවාස ලබා ගැනීමේ දී කොන්දේසියකට යටත් විය යුතු අතර ඒ වසර 3ක් තුල තමන්ගේ නිවස අලංකාර පෙනුමකින් සකස් කළ යුතු වීමයි.
නොඑසේනම් ඩොලර් 3,000 ක ගාස්තුවක් නගර පාලනයට ගෙවීමට සිදුවනවා.
එහිදී අලංකාර කිරීම යටතට නිවාස තීන්ත ආලේප කිරීම හා කැඩි බිදී ගිය ධෑ අලුත්වැඩියාව ද ඇතුලත්.
කදුකර ගම්මානයක් වන බිකාරි හී එෛතිහාසික ගොඩනැගිලි රැසක්ද පවතිනවා.
එම කදු බොහොමයක සුළං ටර්බයින සවිකර ඇත්තේ බලශක්ති පහසුකම් සඳහායි.
මෙම නගරය ආසන්නව වන උද්‍යානයක් මෙන්ම අධිවේගී මාර්ග පද්ධතියක්ද පිහිටා පවතිනවා.
නව වැඩපිළිවෙල යටතේ බිකාරි යළිත් සක්‍රීය ගම්මානයක් බවට පත්කිරීමට නියමිතයි.
එම නගරයේ ජායාරූප හා මේ පිළිබද වැඩිදුර විස්තර සඳහා පහත වෙබ් අඩවිය පරීක්ෂා කළ හැකියි.