කොළඹ පාසල් 492 න් 412 ක් පෙබරවාරි 15 ඇරඹීමට නිර්දේශ / Audio

කොලඹ දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිර්දේශ ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ පෙබරවාරි 15 වනදා වන විට උතුරු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශයේ පාසල් 76 කින් 73 ක් විවෘත කිරීමට නියමිතයි.
තිඹිරිගස්යාය කොට්ඨාශයේ පාසල් 54 ම එදින විවෘත කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.
ශ්‍රී ජයවර්ධනපුර කොට්ඨාශයේ පාසල් 31 න් 29 ක්,කොළාන්නාවේ සියළුම පාසල් (19) , කඩුවෙල කොට්ඨාශයේ රජයේ , පුද්ගලික පාසල් හා පිරිවෙන් වලින් 17 ක් විවෘත කිරීමට හැකියාව ඇති අතර තවත් 32ක් විවෘත කිරීමට මෙතෙක් අවසරය හිමිව නැහැ.
හෝමාගම පාසල් 39 ම පෙබරවාරි 15 වනදා විවෘත කෙරෙන අතර පාදුක්කේ පාසල් 26න 11 ද , කැස්බෑවේ පාසල් 55 ම මහරගම පාසල් 32 න් 7ක් , දෙහිවල පාසල් 15 ම, රත්මලානේ පාසල් 27 න් 24 ක් ,හා මොරටුවේ පාසල් 28 ම පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට නියමිතයි.
සීතාවක පාසල් 28 ම විවෘත කිරීමට ද නියමිතයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 492 න් 412ක් පෙබරවාරි 15 විවෘත කිරීමටද නිර්දේශ ලබාදී තිබෙනවා.

පුවත යවන්න