නැගෙනහිර ආසියාවේ මීළඟ අර්බුධය මීකොං ගංඟාව ද ?

දැවැන්ත මීකොං ගඟ රටවල් හයක් පුරා ව්‍යාප්තව තිබෙනවා. එහි මූලික ප්‍රභවය චීනය වන අතර මියන්මාරය,තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය හා ලාඕසය හරහා එම ගංඟාව ගලා යමින් පවතිනවා.
එය නැගෙනහිර ආසියාවේ මිලියන සංඛ්‍යාත ජනකායක් වෙනුවෙන් සේවය සපයන ජල මූලාශ්‍රයක් ලෙස යි නම් වන්නේ.
කෙසේ වෙතත් 2018 වසරේ සිට එම ගංඟාවේ පවතින ජල මට්ටමේ පහත යාම එම රටවල අවධානයට ලක්ව තිබුණා.
මේ දක්වා එය සලකනු ලැබුවේ චීනයේ වියලි කාලගුණික තත්ත්වයේ ්ප්‍රතිඵලයක් ලෙසයි.
එසේම චීනය ඉදිකරන නව වේලි හේතුවෙන් ගංගාවේ ජලය අනෙක් රටවලට ගලා යාමට සීමාවී ඇතැයි ද සැක පලකර තිබුණා.
කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් විසින් අධ්‍යයනයකට අනුව අනාවරණ වී ඇත්තේ චීනය මීකොං ගඟේ ජලය තම රට තුලම රදවා ගැනීමට කටයුතු කරමින් පවතින බවයි.
මේ බව තහවුරු කිරීම සඳහා වූ චන්ද්‍රිකා ජායාරූප රැසක් ද එම පිරිස විසින් හෙළිකර තිබෙනවා.
පසුගිය වසර 28 පුරා ගංගාවේ ජල මට්ටම අනෙක් රටවලට ගලා යාම පහතවැටී තිබූ අතර 2018 දී එය උච්චිතම මට්ටමට ළගාවී තිබුණා.
මෙය දකුණු චීන මුහුදු කලාපයෙන් පසුව එම කලාපයේ නව අර්බුධයක් මතු කරනු ඇති බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.කෙසේ වෙතත් මෙම වාර්තාව සාධක රහිත බව පවසමින් ප්‍රතික්ෂේප කිරීමටයි චීනය කටයුතු කර ඇත්තේ.

පුවත යවන්න